Connect with us

ව්‍යාපාර

සහන මිලට අභ්‍යාස පොත් සතොසෙන්

Published

on

එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ SPC අභ්‍යාස පොත් මිල සහනදායි මිලකට ලබාදෙන බව ලංකා සතොස පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් සදහන් කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 48ක් මගින් අලෙවි කරන බවයි.

මෙම පොත් ලබාගත හැකි සතොස ශාඛා ලැයිස්තුව මෙසේය :

පුවත්

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වාදේ

Published

on

By

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු  පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින්  පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි.

GP Certified යනු ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතින් අනූව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල් වරට හදුන්වා දෙන උසස් තත්ත්ව සහතිකයකි.  එහිදී ICI නිලධාරීන් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්නායක අනූව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ,”යන්නයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝගය

වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියයට 4%  පමණි. ඉතිරි 96% බොහෝවිට දහනය කිරීම, කසල ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන්  විශාල ලෙස පරිසරික හා සාගර /ජල  දූෂණයට මඟ පාදයි.

GP Certified ක්‍රමවේදය මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් හඳුන්වාදී ඇති අතර, එය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින FMCG (Fast-Moving Consumer Goods) වෙළඳපලට නව මඟක් සපයයි.

ඒ අනුව  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින්, ප්ලාස්ටික් භාවිතය සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට මෙය උපකාරී වේ.

GP Certified සහතිකය සහ එහි වැදගත්කම

GP Certified සහතිකය හිමිවූ ප්ලාස්ටික් නැවත භාවිතයට ගතහැකි, ආරක්ෂිත සහ පාරිසරික වගකීමක් සහිත බව සනාථ කරයි. මෙය FMCG සමාගම්වලට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට සහාය වීම අරමුණු කරයි.

GP Certified සහතිකය ලබාදෙන ප්‍රමුඛතම කරුණු:
• ආරක්ෂාව – ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය  සෞඛ්‍යාරක්ෂිතව හා  සනීපාරක්ෂක තත්ත්ව වලට අනුකූලව සිදු වීම.
• ගුණාත්මකභාවය – ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදන සඳහා උසස් තත්ත්වය සහතික කිරීම.
• තිරසාරත්වය –සමාජ වගකීමක් සහිත සැපයුම් දාම සහ අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම

Island Climate Initiative හි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ පවසන්නේ “GP Certified සහතිකය ලද විට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වාසිදායක සම්පතක් බවට පත්වන අතර, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින්, විදේශ විනිමය ඉතිරි කිරීමට සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීමට මෙය මහත්  උපකාරයක් වන බවයි.”

මේ අතර, Ecopoly (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ චුල්ලක හපුආරච්චි පැවසුවේ “GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සුවිශාල පෙරළියකට ලක් කරන නව අදියරකි. මෙය අපගේ නිෂ්පාදන ආරක්ෂාව හා ගුණාත්මකභාවය තහවුරු කරමින්, පාරිභෝගික විශ්වාසය වර්ධනය කරනු ඇති බවයි.”

GP Certified වැඩසටහන සහ දේශීය සහයෝගිතාව

මෙම වැඩසටහනට PLEASE ව්‍යාපෘතිය මඟින් මූල්‍ය සහය ලබාදෙන අතර, එය ලෝක බැංකුව සහ UNOPS ආයතනවල සහය යටතේ, දකුණු ආසියානු සහකාර පාරිසරික වැඩසටහන (SACEP) මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කොළඹදී පැවැති මෙම එළිදැක්වීමේ උත්සවයේදී FMCG වෙළඳ නාම ප්‍රවර්ධකයින්, ප්‍රතිචක්‍රීකරණකරුවන්, ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සහ පාරිසරික නියෝජිතයන් එක්වී ශ්‍රී ලංකාවේ තිරසාර ඇසුරුම්කරණයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළහ.

GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව මානයකට ගෙනයාමට සහාය වන අතර, තිරසාර චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙය වැදගත් වේ.

Continue Reading

ව්‍යාපාර

Indian Bank හා  Amana Life PLC ට මහබැංකුවෙන් දඬුවම්

Published

on

By

2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති යටතේ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මූල්‍ය සේවා සපයන්නන් දෙදෙනෙකුට රුපියල් මිලියන 03 ක දඩ මුදලක් නියම කර තිබේ.

ඒ අනුව, ඉන්දියානු බැංකුවට  (Indian Bank ) රුපියල් මිලියන 2 ක දඩයක් සහ අමානා තකාෆුල් ලයිෆ්  සඳහා  (Amana Takaful Life)  රුපියල් මිලියන 1 ක දඩයක් නියම කරන ලදී.

මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) විධිවිධානවලට අනුකූල නොවීම සඳහා දඬුවම් නියම කරන ලද  හ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන්ය.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය,

Continue Reading

ව්‍යාපාර

චීන හා ලාංකික ව්‍යාපාරිකයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරයි

Published

on

By

චීන ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අත්සන් කෙරිණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකෝන්තා මහතා සහභාගි වූ අතර, චීන ෂිං පිං පළාත් ජනරජයේ නගරාධිපති ෂී චන් මාර්ගගතව එම අවස්ථාවට සහභාගි වෙමින් මෙම ව්‍යාපාරික සමුළුව අමතා සුබ පැතුම් එක්කළේය.

ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති හර්බි ද සිල්වාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

චීනයේ විශාල වාණිජ දියුණුවක් අත්පත් කර ගෙන ඇති යුක්සි ආයෝජන ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ලී ජි මහතා ඊට එක්වෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික අවකාශය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයාට අවශ්‍ය ඍජු ආනයන හා අපනයන අවශ්‍යතා සපයා දිය හැකි ආකාරය පෙන්වා දුන්නාය.

චීනයේ යුනාන් පළාතේ ෂින්පිං හි ෂින්පිං කාර්මික උද්‍යාන කළමනාකරණ කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂී ෂිෆු මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායක ව්‍යාපෘති, ආහාර, කෘෂිකර්ම සහ අනෙකුත් ව්‍යවසායක අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට තමන්ගේ සහාය කවුන්සිලය හරහා ඍජුව ලබාදිය හැකි බවයි.

ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට අතරමැදියන් නොමැතිව ආනයන-අපනයන සම්බන්ධයෙන් දිරිගැන්වීමට අවශ්‍ය ශක්තිය හා මගපෙන්වීම ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බව ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලයේ ව්‍යාපාර මූල්‍ය හා කළමනාකරණ උපදේශක නිපුන වාහලතන්ත්‍රිගේ මහතා එහිදී කියා සිටියේය.

මෙමගින් ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනය චීනයට පමණක් නොව, යුරෝපය දක්වාම අතරමැදියන් නොමැතිව ඍජුව අපනයන කිරීම, ආනයනය සඳහා අවශ්‍ය සහයෝගීතා වැඩපිළිවෙළ මෙමගින් යථාර්ථයක් බවට පත්කිරීමට හැකිවෙතැයි ඔහු කීය.

මෙම උත්සවයේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ දේශසීමා වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගත් මූලික බැඳීමක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමයි.

මෙම මුලපිරීම වෙනුවෙන්, ජාත්‍යන්තර වෙළඳපොළවල ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා නිල යටිතල පහසුකම් සැපයුම්කරු ලෙස TEMCO සමුපකාර බැංකුව තෝරා ගනු ලැබූ අතර ටෙම්කෝ බැංකු සමිතියේ සභාපති ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා ශ්‍රී ලංකා චීන වෙළඳ කොරිඩෝව සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාරික සම්බන්ධතා පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය සේවා ලබා දීමට ටෙම්කෝ බැංකුව එහිදී පොරොන්දු විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved