Connect with us

පුවත්

ෆ්ලෝටිං මාකට් එක තිස් වසරකට ජපානයට බද්දට දෙයි

Published

on

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.

මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය කියයි. ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින්  රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබිණි.

ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ යන තේමාවෙන් පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිතය.සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.

 පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළඳපොළ වෙළඳ කුටි 92 කින් සමන්විතය. බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද එහි තිබේ. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

(ලංකාදීප)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved