Connect with us

ව්‍යාපාර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන්

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබේ.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270 ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල් 180 ත් 234 අතර  මිල සටහන් වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තවද, සුදු බිත්තරයක් රුපියල් 20ත් 34 අතරත්, දුඹුරු බිත්තරයක් රුපියල් 30 ත් 36 අතරත් මිල සටහන් වේ.

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් නිකුත් කළ නව මිල පරාසයන් පහතින්

පුවත්

බොරතෙල් මිල අඩුවෙයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත.

මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව, සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි.

මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි.

ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය.

ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබේ.

Continue Reading

පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Continue Reading

ව්‍යාපාර

විද්‍යුත් යතුරුපැදි ආනයනයට යළි අවසර

Published

on

By

තාවකාලිකව අත්හිටුවා ඇති විද්‍යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මේ අනුව පෙට්‍රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්‍යුත් යතුරු පැදි ආනයනය සඳහාද අවස්ථාව සලසාදී තිබේ.

2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ආනයන සඳහා අවසරය ලබාදී ඇත.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙතෙක් කාලයක් පැවැති තහනමක් රජය විසින් ඉවත් කර ඇත. මෙහිදී එච්.එස්. කාණ්ඩ හයක් යටතේ වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙහිදී අවසරය ලබාදී තිබේ.

මෙම තහනම ඉවත් කිරීම නිසා මෝටර් රථ එකලස් කිරීමේ දී පැවැති බාධා ඉවත් වන බවද රජය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved