පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Published

on

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

ඒ අනුව, අර්තාපල් (චීනයෙන් ආනයනය කරන ලද)  කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215 කි.

එමෙන්ම, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 282 කි.

තවද සුදු සීනි කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්ල් 269 කි.

සතොස නිවේදනය කළේ, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි.

Trending

Exit mobile version