Connect with us

ව්‍යාපාර

අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Published

on

සහල් ප්‍රශ්නය විසඳීමට නම් මාස දෙකකට ප්‍රමාණවත් තරම් සහල් ආනයනය කරන්නැයි සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ, අතලොස්සක් වූ සහල් ව්‍යාපාරිකයින් ආරක්ෂා කරනවා වෙනුවට රජය ජනතාව ගැන සිතිය යුතු බවය.

මේ අතර, වෙළෙඳපොළේ අද වන විට සුදු කැකුළු සහල් හිඟයක් ඇති වී තිබේ.

එම තත්ත්වය සමග ඇතැම් සුපිරි වෙළෙඳසැල් සුදු කැකුළු සහල් අලෙවි කිරීමද සීමා කිරීමටයි පියවර ගෙන ඇත.

ඒ අනුව, දිනකට සහල් කිලෝ 03කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැත.

එමෙන්ම ඇතැම් වෙළෙඳසැල් සහල් අලෙවි කිරීමේදී මුදලට පමණක් සහල් අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.

ව්‍යාපාර

බදු නිසා පොතක මිල 20%කින් ඉහළට

Published

on

By

එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

ජාතික පොත්  ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති  සමන්ත ඉන්දීවර මහතා මේ බව ප්‍රකාශ කළේය.

“20%ක් ඒ කියන්නේ 5න් එකක පaමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15%ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 – 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. මේ කාරණා දෙක තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර කලින් අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ඇවිත් තියෙනවා වැට් සම්බන්ධයෙන් ඒ අය යම් විශ්ලේෂණයක් කරගෙන යන ගමන් ඉන්නේ ඉන් පසුව පිළිතුරක් ලබාදෙනවා කියලා.”

ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ අනුශාසක ගාමිණී මොරගොඩ මහතා ද ඒ සම්බන්ධයෙන් මාධ‍්‍යට මෙලෙස අදහස් පළ කළේය.

“ලෝකයේ කිසිම රටක අය කරන්නේ නැති වැට් බද්දක් අපේ පොත් සඳහා අයකරනවා. ලංකාවේ අවුරුදු 75කට තිබුණේ නැති වැට් එකක් 2024 ජනවාරි මාසයේ ඉඳලා අයකිරීම පොත් ව්‍යාපාරයේ විනාශයට හේතුවෙලා. මේක ඉස්සරහටත් තිබුණොත් දරුවෙකුට පොතක් මිලදී ගැනීමට නොහැකි වෙනවා.”

Continue Reading

ව්‍යාපාර

ත්‍රිපෝෂ නිවසින් කප්කේක්

Published

on

By

මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන් රජය ආරම්භ කර ඇති ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මේවන විට යළිත් සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇති බව සඳහන් වේ.

ත්‍රිපෝෂ සමාගමෙන් විවිධ රස සමගින් පෝෂදායි රසවත් ත්‍රිපෝෂ කප්කේක් (cup cake) නිෂ්පාදනයක් හදුන්වා දීමට නියමිතය.

චොකලට්, කෙසෙල්, වැනිලා, ස්ටෝබරි සහ අඹ රසැති ත්‍රිපෝෂ කප්කේක් මේ අනුව නිෂ්පාදනය කෙරේ.

සමාගමේ ජාඇල ප්‍රධාන කාර්‍යාලය අසළ පිහිටි නිෂ්පාදන අලෙවිසැලෙන් (outlet) ඒවා මිලදී ගැනීමට පාරිභෝගියාට ලබන සතියේ සිට අවස්ථාව උදාවන බව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා කියා සිටියේය

ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා සඳහන් කරන්නේ කර්මාන්තශාලාවේ නැවතී තිබුණු මැෂින් නැවත පැය 24ම වැඩ කරන තත්වයකට පත්ව ඇති බවය.

මේ සමඟ පළමු ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට් සූදානම් වී ඇති අතර ක්‍රමානුකූලව හිස්ව තිබූ ගබඩාගාර යළි ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට්වලින් පිරෙමින් නැවතත් පැය 24ම පුරාම වැඩ කරන වැඩබිමක් බවට ආයතනය පත්ව ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

තව දින කිහිපයකින් සිය ආයතනය රටටම ත්‍රිපෝෂ බෙදා හැරීමට සූදානම් බවත්, ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ ළඳරුවන් සදහා නැවත ත්‍රිපෝෂ ලබා දිය හැකි බවත් සභාපතිවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.

Continue Reading

ව්‍යාපාර

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

Published

on

By

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බවය.

එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි අතර,
ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved