Connect with us

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Published

on

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

මේ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රු. 07කින්  රු. 333ක් දක්වාද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් රු. 10කින් රු. 365ක් දක්වාද පහත බසිනු ඇත.

තවද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රු. 15කින් රු. 310ක් දක්වාද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රු. 135කින් රු. 330ක් දක්වාද පහත බසිනු ඇත.

කෙසේවෙතත්, ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හි මිල ගණන් වෙනසක් නොවන බවද වාර්තා වේ.

පුවත්

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපති අතට

Published

on

By

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

Continue Reading

පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටය.

 


(පෙර පුවත 2025 ජූනි 18 පෙ.ව.10.06 )

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

පක්ෂ තීරණයට පිටුපෑ දෙදෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

අද (18) උදෑසන පළමු වරට රැස්වූ කොළොන්නාව නගර සභාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න මහතා පත්වුණි.

මේ අතර කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved