Connect with us

පුවත්

අද සිට බිත්තර සඳහා 18%ක වැට් බද්දක්

Published

on

බිත්තර වෙනුවෙන් අද සිට 18%ක වැට් බද්දක් අය කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර්. අලහකෝන් මහතා ප්‍රකාශ කලේ වැට් බද්දක් ක්‍රියාත්මක කලද බිත්තර මිලේ කිසිදු වැඩි වීමක් සිදු නොවන බවය.

බිත්තර අලෙවියෙන් ලබන ආදායම මෙම වැට් බද්දට යටත් වේ.

මෙලෙස බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට යි.

මෙලෙස වැට් බදු ක්‍රියාත්මක කිරීම බිත්තර කර්මාන්තයේ ඇද වැටීමට හේතු සාධක විය හැකි බවද ලේකම්වරයා විසින් වැඩිදුරටත් පවසන ලදී. 

පුවත්

මෝදි ගේ සංචාරය නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

කාර්ගිල්ස්, ආර්පිකෝ හා කීල්ස් ඇතුළු සුපර් මාර්කට් 16ක එක්ස්පයර්ඩ් බඩු!

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඊයේ (01) සිදු කළ වැටලීම්වලදී කාර්ගිල්ස්, ආර්පිකෝ හා කීල්ස් ඇතුළු සුපිරි වෙළදසැල් 16ක තිබී කල් ඉකුත් වූ භාණ්ඩ සොයාගෙන තිබේ.

උත්සව සමය තුල වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම වැටලීම් සිදුකරනු ලබයි.

ඊයේ (01) දිනයේදී පමණක් දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වැටලා කල් ඉකුත්වී භාණ්ඩ විකිනීම, විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩ වල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන  අකටයුතුකම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නඩු පැවරීමට කටයුතු යොදමින් සිටින බව මේ අතර වාර්තා වේ.

කොළඹ, මහනුවර, ගාල්ල, කළුතර, රත්නපුර, වව්නියාව, පුත්තලම, මඩකලපුව හා මුලතිව් ඇතුළු ප්‍රදේශවල සුපිරි වෙළඳසල් මේ අකටයුතුකම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පසුගිය වසර තුල සිදුකරන ලද විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතනවලට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අධිකරණ මගින් නියමකර ඇති බවද මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව සුපිරි වෙළදසැල්ද ඇතුළුව වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

එක්සත් රාජධානියේ සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

Published

on

By

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට  එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය  කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ සඳහා සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  පත්  කර ඇත.

මෙහි සාමාජිකයින් ලෙස විදේශ අමාත්‍ය – විජිත හේරත්, අධිකරණ අමාත්‍ය – නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් පත්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved