Connect with us

පුවත්

අද සිට බිත්තර සඳහා 18%ක වැට් බද්දක්

Published

on

බිත්තර වෙනුවෙන් අද සිට 18%ක වැට් බද්දක් අය කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර්. අලහකෝන් මහතා ප්‍රකාශ කලේ වැට් බද්දක් ක්‍රියාත්මක කලද බිත්තර මිලේ කිසිදු වැඩි වීමක් සිදු නොවන බවය.

බිත්තර අලෙවියෙන් ලබන ආදායම මෙම වැට් බද්දට යටත් වේ.

මෙලෙස බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට යි.

මෙලෙස වැට් බදු ක්‍රියාත්මක කිරීම බිත්තර කර්මාන්තයේ ඇද වැටීමට හේතු සාධක විය හැකි බවද ලේකම්වරයා විසින් වැඩිදුරටත් පවසන ලදී. 

පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට ඇප (UPDATE)

Published

on

By

සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරුණි.

(පෙර පුවත 2025 අප්‍රේල් 08 පෙ.ව.10.43)


චාමර අදත් අධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

බටලන්ද විවාදය ලබන 10වැනිදාට

Published

on

By

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 10 වැනිදා ඇරඹේ.

එම විවාදය ලබන මස එනම් මැයි මාසයේ තවත් දිනයකදී ද පැවැත්වෙනු ඇත.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව රැස්වේ (සජීවී විකාශය )

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

අප්‍රේල් මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.


පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.


පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.


ප.ව 5.30 දක්වා – අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ වූ නියමයක් අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ප.ව 5.30 ට පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනා සම්මතය, සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


පාර්ලිමේන්තු සජීවී විකාශය,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved