Connect with us

ව්‍යාපාර

අද සිට මෙරට ඉන්ධන අලෙවියට එක්වන ෂෙල්

Published

on

අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය.

ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි.

RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත.

මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

ව්‍යාපාර

ත්‍රිපෝෂ නිවසින් කප්කේක්

Published

on

By

මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන් රජය ආරම්භ කර ඇති ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මේවන විට යළිත් සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇති බව සඳහන් වේ.

ත්‍රිපෝෂ සමාගමෙන් විවිධ රස සමගින් පෝෂදායි රසවත් ත්‍රිපෝෂ කප්කේක් (cup cake) නිෂ්පාදනයක් හදුන්වා දීමට නියමිතය.

චොකලට්, කෙසෙල්, වැනිලා, ස්ටෝබරි සහ අඹ රසැති ත්‍රිපෝෂ කප්කේක් මේ අනුව නිෂ්පාදනය කෙරේ.

සමාගමේ ජාඇල ප්‍රධාන කාර්‍යාලය අසළ පිහිටි නිෂ්පාදන අලෙවිසැලෙන් (outlet) ඒවා මිලදී ගැනීමට පාරිභෝගියාට ලබන සතියේ සිට අවස්ථාව උදාවන බව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා කියා සිටියේය

ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා සඳහන් කරන්නේ කර්මාන්තශාලාවේ නැවතී තිබුණු මැෂින් නැවත පැය 24ම වැඩ කරන තත්වයකට පත්ව ඇති බවය.

මේ සමඟ පළමු ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට් සූදානම් වී ඇති අතර ක්‍රමානුකූලව හිස්ව තිබූ ගබඩාගාර යළි ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට්වලින් පිරෙමින් නැවතත් පැය 24ම පුරාම වැඩ කරන වැඩබිමක් බවට ආයතනය පත්ව ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

තව දින කිහිපයකින් සිය ආයතනය රටටම ත්‍රිපෝෂ බෙදා හැරීමට සූදානම් බවත්, ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ ළඳරුවන් සදහා නැවත ත්‍රිපෝෂ ලබා දිය හැකි බවත් සභාපතිවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.

Continue Reading

ව්‍යාපාර

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

Published

on

By

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බවය.

එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි අතර,
ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවය. 

Continue Reading

පුවත්

චීනය හා ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන සේවයක් අරඹයි

Published

on

By

චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.

එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.

එම ගුවන් යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved