ව්‍යාපාර

අද සිට රු.130ට පොල් සතොසින්

Published

on

අද (09) සිට දෛනිකව පොල් ගෙඩි ලක්ෂ දෙකක් ලක්සතොස හරහා අලෙවිකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

එම පොල් ගෙඩියක් රුපියල් 130 කට අලෙවි කරනු ඇති බව සඳහන්ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවය.

රජය සතු වතුවලට අයත් පොල් ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව ඔහු සඳහන් කලේය.

මෙතෙක් ලක්සතොස හරහා අලෙවි කෙරුණේ දෛනිකව පොල් ගෙඩි ලක්ෂයක් පමණි

Trending

Exit mobile version