විදුලිය ගාස්තු 66% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන බව ද මණ්ඩලය සඳහන් කරයි.
විදුලිය ගාස්තු 66% කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු පෙරේදා (14) අනුමැතිය දී ඇත.
මෙම යෝජනාවට කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනකු ඒ සඳහා එකඟතාව පළකිරීම හේතුවෙන් එම යෝජනාව බහුතර එකඟතාව මත සම්මත වී ඇතැයි වාර්තා වේ.