Connect with us

පුවත්

අද සිට විදුලි බිල 18%කින් වැඩිවෙන්නේ මෙහෙමයි

Published

on

විදුලි ගාස්තු අද (20) සිට 18%කින් පමණ ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබු අතර එම විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ.

ඒකක 0 සිට 30 දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු.180 දක්වා වැඩිකර ඇති අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.

ඒකක 31 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩිවන අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30කි.

ඒකක 61 සිට 90 අතර රු. 400 සිට රු.480 දක්වාත්,  ඒකක 91 සිට 120 අතර රු.1,000 සිට රු.1,180 දක්වා හා ඒකක 121 සිට 180 අතර රු.1,500 සිට රු.1,770 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ඒකක 180කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබේ.

එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට ලබන වසරේ(2024) වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි.

එහිදී ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු පහතින් දැක්වෙයි.

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

දැක්කොත් පොලිසියට කියන්න

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807

ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735

ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

Continue Reading

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved