පසුගිය වසරේ (2023) ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11911 වශයෙන් සටහන් වේ. එය පෙර වසරට (2022) සාපේක්ෂව 9.1%ක පහළ යාමක් බව මහ බැංකුව පෙන්වා දෙයි.
මෙලෙස අපනයන ආදායම පහළ යෑමට ප්‍රධාන හේතුව වූයේ මෙරට තනි අපනයන භාණ්ඩය වන රෙදිපිළි හා ඇඟලුම් ආදායමේ පහල යාම බවද මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් 2022 වසරට සාපේක්ෂ 2023 වසරේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම 18% කින් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ අපනයන මිල දී ගන්නා ප්‍රධාන රටවල ජීවන වියදම ඉහළ යාම, ආර්ථික අවපාතය හා භූ දේශපාලනික ගැටළු ආදී ගෝලීය සාධක ද මෙම අපනයන ආදායම පහල යාම කෙරෙහි බලපෑම් කර ඇති බව මහ බැංකුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.