Connect with us

ව්‍යාපාර

අවුරුදු කෑම මේසයේ මිල ගිය වසරට වඩා 7% කින් ඉහළට

Published

on

මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, අමතර දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර පදනම් කරගනිමින් ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

කිරිබත් කෑලි 10ක්, කෙසෙල් කිලෝග්‍රෑම් 1ක්, අලුවා කෑලි 15ක්, කේක් කිලෝග්‍රෑම් 1ක්, දොදොල් කිලෝග්‍රෑම් 1ක්, කොණ්ඩ කැවුම් 20ක්, මුංකැවුම් 15ක් සහ කොකිස් 20ක මිල ගණන් මත මෙම සමීක්ෂණයට සිදුකර තිබේ.

ඒ අනුව වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ අලුත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයේ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

කෙසේ වෙතත් රස කැවිලි නිෂ්පාදකයින් මෙවර අලුත් අවුරුදු සමයේදී රසකැවිලි ඉල්ලුම පහළගොස් ඇති බව පෙන්වා දෙයි.

අමුද්‍රව්‍ය මිලට සාපේක්ෂව රස කැවිලි මිල ගණන්ද ඉහළ යාම නිසා ඊට ඇති ඉල්ලුම පහළ ගොස් ඇති බව රස කැවිලි නිෂ්පාදකයින් පවසයි.

පුවත්

සය මසකට පසුව ඩොලරය 300 පනී

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2‍ක් ලෙසින් සටහන් වේ.

මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ.

අවසන් වරට ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගොස් තිබුණේ 2024 සැප්තැම්බර් 27දාය.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

Continue Reading

පුවත්

අධිවේගයේ ගෙවීම් කාඩ්වලින් කරන්න අවස්ථාව

Published

on

By

අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

Continue Reading

විදෙස්

චීන ආනයනවලට අමෙරිකාවෙන් 104%ක තීරු බද්දක්

Published

on

By

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.

එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.

එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved