පුවත්

අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට

Published

on

ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ර‍ොගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා 11ක් යටතේ ගොනුකරන ලද නඩුවකට එම අශෝක පතිරගේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ගොනුකර ඇති නඩුවට අනුව එහි විත්තිකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) නම්කර ඇත.

නුගේගොඩ,මද්දුවත්ත බී/05 හි පදිංචි සනත් කුමාර අතුකෝරාල මහතා විසින් සිය මව වන එස්.එම්. මන්ත්‍රීකුමාරිහාමි මහත්මිය  2023-02-07 දින සිට 2023-02-19 දක්වා කාලයේදී ආසිරි මෙඩිකල් රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමේදී එම රෝහලින් ලබාදී ඇති ඖෂධ සඳහා අසාධාරණ ලෙස බිල් දමා වංචා සිදුකර ඇති බවට, සඳහන් කරමින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශය මගින් මූලික විමර්ශනයක් සිදු කර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය යටතේ මේ නඩුව පැවරීමට කටයුතු කර තිබේ.

Trending

Exit mobile version