Connect with us

පුවත්

අසංවිධානාත්මක Triumph කාන්තා යට ඇඳුම් සල් පිලේ ජරමරේ (වීඩියෝ)

Published

on

බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති ට්‍රයම්ෆ් (Triumph) කාන්තා යට ඇඳුම් සල්පිලක පෝලිමක සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම සල්පිල පෙරේදා (24) අතරමග නවතා දැමීමට තලංගම පොලිසියට සිදුව ඇතැයි වාර්තා වේ.

අදාළ සමාගම මේ සල්පිල අසංවිධානාත්මක ලෙස සංවිධානය කර තිබූ නිසා මේ තත්ත්වය ඇතිවූ බවට කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ චෝදනා කර තිබිණි.

එසේම, අදාළ සල්පිලට එම සමාගම විසින් ප්‍රමාණවත් පරිදි කාන්තා යට ඇඳුම් සපයා නොතිබීම ද මේ තත්ත්වයට හේතුවූ බව වාර්තා වේ.

කාන්තා යට ඇදුම් ගැනීමට පැමිණි කාන්තාවන් පිරිසෙහි පෝලිම කිලෝමීටරයක් පමණ දුරක් තිබී ඇත.

සෙත්සිරිපායේ සේවය කරන රාජ්‍ය නිලධාරිනියන් හා සේවිකාවන් මෙන්ම බාහිර කාන්තාවන් වෙනුවෙන් මෙම සල්පිල පවත්වා තිබුණේ කාන්තා යට ඇඳුම් හා තිසර පට සඳහා සියයට හැත්තෑ පහක වට්ටමක් ලබාදෙමිනි.

මේ හේතුවෙන් සෙත්සිරිපායේ බිම් මහලේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවද පසුකරමින් කාන්තාවන් දහසකට අධික පිරිසක් මෙහි පෝලිම් ගැසී සිටි බව පැවසේ.

මෙම සල්පිලේදී රුපියල් පන්සියයක් වන යට ඇඳුමක් රුපියල් එකසිය විසි පහටත් ඊට වැඩි වටිනාකමක් ඇති සෑම යට ඇඳුමකට සහ තිසර පට සඳහා සියයට හැත්තෑ පහක් වට්ටම් කර තිබූ බවත් රාජ්‍ය සේවකයෝ සඳහන් කරති.

කෙසේවෙතත් මේ අධික පෝලිම පැවතිද්දී කිසියම් පාර්ශ්ව කිහිපයක් පැමිණ මෙම කාන්තා ඇඳුම් තොග වශයෙන් මිලදී ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සිල්ලර වශයෙන් මිලදී ගැනීමට පැමිණ සිටි කාන්තාවන් ඊට දැඩි විරෝධයක් පළකර තිබිණි.

මේ හේතුවෙන් කාන්තාවන් මෙන්ම ඇඳුම් තොග වශයෙන් මිලදී ගැනීමට පැමිණි දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර ගැටුම පාලනය කිරීමට තලංගම පොලිසියද පැමිණ තිබිණි.

මෙම සල්පිල සංවිධානය කළ Triumph ආයතනයද පවසා තිබුණේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හිමිවන දිනය ඉලක්ක කරමින් මෙම සල්පිල සංවිධානය කළ බවය.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved