පුවත්

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් වල විකිණීමට සැරසෙයි

Published

on

රජය විසින් ආනයනික බිත්තර, සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත්, ඉන්පසු සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Trending

Exit mobile version