Connect with us

පුවත්

ඇමරිකාව තුළ TikTok තහනම් කරයි

Published

on

එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය යෙදවුම ලොවපුරා අතිශයින් ප්‍රචලිත වූවකි.

2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ විය.

ටික්ටොක් යෙදවුම සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් රාශියක් ලොවපුරා බිහිවූයේ ඊට වෙනමම කර්මාන්තයක් ලෝකයේ බිහිකරමිනි.

මේ අතර චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් (TikTok) යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණි.

ඒ අනුව ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසය.

නැතිනම් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණි.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවයි.

කෙසේනමුත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘එම තීන්දුව කුමක්දැයි බලාසිටින ලෙස’ ඔහු සඳහන් කර තිබේ.

පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට  අද   නිවාඩු

Published

on

By

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද  (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

මහින්ද, මෛත්‍රී හා ගෝඨා ඡන්දය දාන්න ඇවිත් නැහැ

Published

on

By

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (06) පැමිණ නැතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව වාර්තා වේ.

ඔහුගේ දකුණු දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණි බව පැවසේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින්

Published

on

By

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත් විණි.

(කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැතිණි.

(2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙහි සෑම පැයකට වරක් ප්‍රතිඵල යාවත්කාලීන වන බව සලකන්න)

නිල ප්‍රතිඵල අනුග්‍රහය – BBC සිංහල

https://www.bbc.com/sinhala/articles/czx4vxvrdl4o

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved