මෙරට ඉන්ධන අලෙවි කිරීමේ අනුමැතිය ලත් ඇමරිකානු සමාගමක් වන ආර් .එම්. පාර්ක්ස් ( RM Parks) සමාගම සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සමග ඊයේ (12)ගිවිසුමකට අස්සන් තැබීය.
ඉන්ධන ගබඩා කිරීම සහ බෙදාහැරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කර තිබේ.
කොළොන්නාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී මෙම ගිවිසුම අස්සන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳ පොළට එක්වීමට නියමිත මෙම සමාගමේ පළමු නැව මෙරටට ළඟාවීම සඳහා තවත් මාස 02 ක කාලයක් පමණ ගත වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන චිජේසේකර පසුගියදා කියා සිටියේය.