පුවත්

ඇසුරුමේ බොරු ලියා ජනතාව රැවැට්ටූ ප්‍රීමා නූඩ්ල්ස්ට නඩුවක්!

Published

on

ප්‍රීමා නූඩ්ල්ස් නිෂ්පාදනය කර බෙදාහරින සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය හා ජෝන් කීල්ස් මාර්කටින් පුද්ගලික සමාගමට අයත් කීල්ස් සුපිරි වෙළඳ සැල් සමූහයට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

ඒ අදාළ සමාගම විසින් දිනුම් ඇදීමක් පවත්වා අවසන්වීමෙන් පසුව ද අදාළ එම දැන්වීම ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙනි. 

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රීමා හා කීල්ස් ආතනවලට B77686/05/2023 යන අංකය යටතේ අධිකරණයට නඩුවක් ගොනුකරමින් පෙන්වා දී ඇත්තේ මේ සමාගම් පාරිභෝගිකයා රවටා නොමඟ යවා ඇති බවයි.

ඒ අනුව එම සමාගම් දෙකට නොමඟ යැවීමට හෝ රැවැටීමට තුඩුදෙන අයුරින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් මත දිනුම් අදින බවට මුද්‍රණය කර දිනුම් ඇදීම අවසන් වූ පසුවත් අදාළ භාණ්ඩ විකිණීම යන චෝදනාව හා නොමඟ යැවීමට හෝ රැවැටීමට තුඩුදෙන අයුරින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් මත දිනුම් අදින බවට මුද්‍රණය කර දිනුම් ඇදීම අවසන් වූ පසුවත් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කිරීම හා බෙදා හැරීම යන චෝදනා දෙක යටතේ නඩුව ගොනුකර ඇත.

Trending

Exit mobile version