ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
අද වන විට දින හයක් ගතවුවත් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය මෙතෙක් වරායෙන් නිදහස් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැත.
මෙලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබේ.
ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබාදී තිබිණි.
මේ අතර අද දිනයේදීද බොහෝ ස්ථානවල බිත්තර හිඟයක් දක්නට ලැබුණි.
සබැඳිපුවත් :
ඇමැති නලින් ගේන ඉන්දියන් බිත්තරේ කටු පරිසරයට මුදන්න බැහැ!