පුවත්

‘ඉන්දියාවෙන් පාකිස්තානෙන් බිත්තර ගේන්න අවසර නෑ‘‘

Published

on

ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමාන පිරිවැය සලකා බැලීමේදී රුපියල් 50 කට වඩා අඩු මිලකට පාරිභෝගිකයන් අතට බිත්තරයක් පත් කළ හැකි බවත් නිෂ්පාදන වියදම ප්‍රකාශයට පත් පත්කිරීම මාසිකව සිදු කෙරුණත් වෙළඳපොලේ පවතින බිත්තර මිල හා සම්බන්ධ ගැටලුව මුල්කර ගනිමින් එම නිෂ්පාදන මිල සතිපතා ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීය.

මහනුවර ගන්නෝරුවේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් මෙසේ පැවසීය.

වෙළඳපොලේ පවතින බිත්තර මිල හා සම්බන්ධ ගැටලුව මුල් කරගනිමින් සතිපතා මෙය ප්‍රකාශ කිරීමට තීරණය කළත් වෙළඳපොලේ බිත්තර මිල තීරණය කරනු ලබන්නේ පාරිභෝගික අධිකාරිය මගිනුයි.

බඩ ඉරිගු කිලෝ වක මිල 250 සිට මේ වන විට රුපියල් 152 ක් දක්වා පහත බැස තිබෙනවා. ඉදිරියේ දී බඩඉරිඟු අස්වැන්න ලැබීමට නියමිතව තිබෙන බැවින් බිත්තර නිෂ්පාදන මිළ තවත් පහළ යනු ඇති කියා සිතනවා.

පසුගිය මාස 06 ක කාලය තුළ ඉන්දියාවේ මෙන්ම පකිස්ථානයේ ද කුරුළු උණ රෝගය පැවැති බැවින් එම රටවලින් බිත්තර ආනයනය කිරීමට කිසිඳු ලෙසකින් වත් අවසර දිය නොහැකියි.

අවශ්‍ය නම් කුරුළු උණෙන් තොර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව, ඇමරිකාව වැනි රටවලින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු බාධාවක් නැහැ.

(ලංකාදීප)

Trending

Exit mobile version