ඉන්දියානු රුපියල විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් පමණක් බවත්, ශ්‍රී ලංකා රුපියල දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස එලෙස ම පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වන්නේ පසුගිය වසරේ (2022) අගෝස්තු මාසයේ දී හඳුන්වා දුන් ඉන්දියානු රුපියල බවද එහි වැඩිදුරටත් දැක්වේ.
බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් අවඡාරණය කරයි.
එසේ නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුව පහත දැක්වේ.
- ඕස්ට්‍රේලියානු ඩොලර්
- කැනේඩියානු ඩොලර්
- චීන රෙන්මින්බි
- ඩෙනිෂ් ක්‍රෝනර්
- යූරෝ
- හොංකොං ඩොලර්
- ඉන්දියානු රුපියල්
- ජපන් යෙන්
- නවසීලන්ත ඩොලර්
- නෝර්වීජියානු ක්‍රෝනර්
- ස්ටර්ලිං පවුම්
- සිංගප්පූරු ඩොලර්
- ස්විඩිෂ් ක්‍රෝනර්
- ස්විස් ෆ්‍රෑන්ක්
- තායි බාත්
- ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්
මහබැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.