Connect with us

පුවත්

ඉන්ධන කෝටාව ඉහළට

Published

on

අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට QR ක්‍රමයට වාහන සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, සතියකට ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා ලීටර් 22ක් ද, අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා ලීටර් 14ක් ද, යතුරුපැදි සඳහා ලීටර් 14ක් ද, මෝටර් රථ සඳහා ලීටර් 40ක ඉන්ධන කෝටාවක් ලැබෙනු ඇත.

පුවත්

අනධ්‍යන වර්ජනයෙන් උපාධි කල්යයි

Published

on

By

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් එක් ලක්ෂ 50000කට අධික උපාධි අපේක්ෂකයින්ගේ උපාධිය සැලසුම් කළ කාලයට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මෙවර උසස් පෙළ සමත්වන පිරිසට උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීමේ විස්තර ඇතුළත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කිරීමද වර්ජනය හේතුවෙන් ප්‍රමාද වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, අනධ්‍යන සේවකයින් ගැටලු විසඳීම සඳහා අවශ්‍ය යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මේ වනවිට ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමතුවේ සම කැඳවුම්කරු ධම්මික එස් ප්‍රියන්ත මහතා සඳහන් කළේ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අද 16 වැනි දිනටත් තම සාමාජිකයින් වැඩවර්ජනයේ නිරත වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

“ශක්තිමත් ප්‍රජාවකට ආපදා අවදානම අවම වීම අතිශය වැදගත්” – ආරක්ෂක ලේකම්

Published

on

By

මෑත කාලයේදී, ස්වාභාවික හේතුන් මත ඇති වූ හා මිනිසා විසින් ඇති කරන ලද ආපදාවන්ගේ සංඛ්‍යාතයේ සහ තීව්‍රතාවයේ වැඩි වීමක්  දැකිය හැකි බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (16) පැවැති 67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ පිළිගැනීමේ කතාව පවත්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙම අදහස් පළ කලේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය,

“ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකරුවන් අතර ප්‍රතිපත්ති සම්පාදනය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ ඵලදායී සම්බන්ධීකරණය සඳහා තීරණාත්මක වේදිකාවක් සලසනු ලබයි. ආපදා කළමනාකරණය සඳහා වන ජාතික සභාව හරහා ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමින් හා ඉන් ඔබ්බට විහිදුනු සන්නිවේදන සඳහා අප පහසුකම් සපයන්නෙමු.”

රැස්වීම අතරතුර ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ නිල ලාංඡනය එළි  දැක්වීම ද ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුකෙරිණ.

“Renewed commitments, strengthening partnerships towards a resilient community” යන තේමාව යටතේ ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින්, ලෝක ආහාර වැඩසටහනේ පුර්ණ සහයෝගය සහිතව මෙම හමුව පවත්වන ලදි.

ඒ අනුව, මෙම සැසිය හරහා ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට ජාතික මට්ටමේ සංවාදයක් සඳහා අවස්ථාව සපයයි.

Continue Reading

පුවත්

පෙර මෝසම් කාලගුණය සමඟ වැසි වැඩිවෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved