ව්‍යාපාර

එළවළු මිලේ වෙනසක්

Published

on

වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වන විට පහළ ගොස් ඇති බව වාර්තා වේ.

කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, වට්ටක්කා ඇතුලු එළවළුවල මිල ගණන් මෙසේ අඩු වී ඇති තිබේ.

ඒ අනුව, වෙළෙඳ පොලේ සිල්ලර මිල ලෙස කැරට් කිලෝවක මිල රුපියල් 280ක් වන අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 320ක් වන බවට සඳහන්ය.

එමෙන්ම, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 400 ක් ද ලීක්ස් කිලෝවක මිල රුපියල් 300 ක් ද වේ.

තවද, ගෝවා රුපියල් 340ක්, තක්කාලි රුපියල් 200ක්, බණ්ඩක්කා රුපියල් 90ක්, වැටකොලු රුපියල් 240ක්, පතෝල රුපියල් 200ක්,වට්ටක්කා රුපියල් 60ක්, දෙහි රුපියල් 600 ක් ලෙස මෙසේ අලෙවි වී තිබේ.

මේ අතර, කොළඹ මැනිං වෙළදපොලේ සිල්ලර මිල සටහන් වුණේ මෙලෙසින්,

බෝංචි කිලෝවක් රුපියල් 200ක්

 කැරට් රුපියල් 150ක්

ගෝවා රුපියල් 220ක්

 තක්කාලි රුපියල් 180ක්

වම්බටු රුපියල් 200ක්

වට්ටක්කා රුපියල් 60ක්

අමුමිරිස් රුපියල් 150ක්

දෙහි 350 ක්

Trending

Exit mobile version