පුවත්

එළවළු මිල තව ඉහළට

Published

on

පෑලියගොඩ – මැනිං වෙළඳපොලේ එළවලු මිල ගණන් තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බෝංචි තොග මිල රුපියල් 600ට ආසන්න වී තිබූ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි තොග මිල ගණන් රුපියල් 500ත් 620ත් අතර සටහන් විය.

එමෙන්ම ලීක්ස් මිලද ඉහළ ගොස් තිබූ අතර, බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල ලීක්ස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 500 ඉක්මවා ඇත.

කැරට් මිල ගණන් ද රුපියල් 400ට ආසන්න වී තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කලේය.

Trending

Exit mobile version