Connect with us

ව්‍යාපාර

ඔක්තෝබර් අපනයන ආදායම ඉහළට

Published

on

විදේශ විනිමය උපයා ගැනීමේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නංවමින් ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 32,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,097.1) අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්යසාධනය ශ්‍රී ලංකා රේගුව මඟින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය අමෙරිකානු ඩොලර් මිලියන 1,097.1ක් වූ අතර එය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන වන අතර 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේදී අපනයන කාර්යසාධනය 8.44%කින් වැඩි වී තිබෙන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 323.17ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 19.75%කින් වැඩිවී තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ඔක්තෝබර් මාසය සඳහා වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 18.57%ක වර්ධනයක් සහිතව, අමෙරිකානු ඩොලර් මිලියන 1,420.27ක් ලෙස වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා :

“2024 ඔක්තෝබර් මාසයේදී අත්කරගත් කැපී පෙනෙන අපනයන කාර්ය සාධනය නිහතමානීව අගය කරනවා. වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනවල (18.22% වර්ධනය) සැලකිය යුතු ලෙස වැඩි වීම යහපත් ප්‍රවණතාවක්. අපනයන ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් සිදු කරන මෙම කැපවීම පිළිබඳ මම ප්‍රශංසා කරන අතර අපගේ අපනයන විභවයන් තවදුරටත් ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට ඉදිරියේදී අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙනවා”.

ව්‍යාපාර

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

Published

on

By

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බවය.

එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි අතර,
ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවය. 

Continue Reading

පුවත්

චීනය හා ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන සේවයක් අරඹයි

Published

on

By

චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.

එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.

එම ගුවන් යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය.

Continue Reading

පුවත්

බොරතෙල් මිල අඩුවෙයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත.

මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව, සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි.

මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි.

ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය.

ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved