පුවත්

කාලීන ආහාර පැකේජයක්

Published

on

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPE අලෙවිසැල් හරහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ‘කාලීන ආහාර පැකේජයක්’ රුපියල් 2500ක සහන මිලකට ලබාදීමටයි සැලැසුම් කර ඇත.

මේ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරාගැනීමට අපේක්ෂා කරන බව සඳහන්ය.

ජනාධිපතිවරයාගේ 2025 අයවැය යටතේ මෙම කාලීන ආහාර පැකේජය අප්‍රේල් මස පළමුවැනිදා සිට 13 වැනිදා දක්වා ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPE අලෙවිසැල් හරහා  ලබාගත හැකිය.

Trending

Exit mobile version