පුවත්

කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල? 

Published

on

කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි Street Foods වෙළඳ සැල් ගලවා ඉවත්කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම වෙළඳ සැල් හිමියන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

මෙසේ අදාළ හදිස්සි නියෝගය ක්‍රියාත්මකව ඇත්තේ පසුගිය සිකුරාදා එම ප්‍රදේශයෙන් ගමන්ගත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෝටර් රථය රථවාහන තදබදයකට හසුවීම නිසා බවට රාවයක් මේවන විට එම කඩහිමියන් අතර පැතිර තිබේ.

කෙසේවුවද, එහි එක් කඩ හිමියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ මේවන විට Street Foods වෙළඳ සැල් හිමියන්ගේ සංගමයක් ද පිහිටුවාගෙන ඇති බවත්, ඔවුන්ගේ වෙළෙඳ සැල් වර්ග මීටර් 7000ක ප්‍රමාණයක පැතිර ඇති බවයි.

අවශ්‍ය නම් එම ප්‍රමාණයට මසකට රුපියල් ලක්ෂ 3ක බද්දක් වුවද රජයට ගෙවීමට තමන්ට ආදායමක් ඇති බවද පෙන්වා දුන් ඔහු මෙහි සිටින සියලු කඩ හිමියන් රැකියාවන් නොමැතිව අසරණව විත් මෙහි කඩදාමාගෙන දැන් යමක් හරිහම්බකරන් සිටින අය බවයි.

එසේම, ඔවුන් කිසිවකු වෘත්තීය වශයෙන් කෑම බීම ව්‍යාපාරයේ යෙදුන අය නොවන බවද ඔහු කියා සිටියේය.

මේ අතර, මෙම ස්ථානය සඳහා මෙරට නමගිය ව්‍යාපාර ආයතන කිහිපයක්ම ඇස ගසාගෙන සිටින බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන අතර අප ඉදිරියේදී ඔවුන් කවුරුන්දැයි හෙළිකරන්නෙමු. 

Trending

Exit mobile version