පුවත්

කිරිපිටි හිඟයක් ඇති වෙන්නෑ – සියඹලාපිටිය

Published

on

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

එහිදි ඔහු සඳහන් කළේ අදාළ කිරිපිටි තොග ආනයන අපනයන රේගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බවය.

එම කිරිපිටි බහාලුම්වලට අදාළව පරීක්ෂණ වාර්තාවක් ඔහු අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙහිදී අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති බවය.

කෙසේවෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version