පුවත්

කුකුළු මස්, බිත්තර මිල අඩු කරන්න යෝජනාවක්

Published

on


මෙරට පවතින බිත්තර හිඟය අවම කිරීම සහ කිරීම කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇති බවයි.

කාලගුණික හේතු නිසා ධීවර කර්මාන්තය අඩාල වීමෙන් කුකුළු මස් වලට ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙන බවත් අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version