පුවත්

කේක් මිලත් ඉල්ලුමත් වැඩි වෙලා!

Published

on

බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් කිලෝග්‍රෑම් 1ක කේක් ගෙඩියක මිල රු. 1,500 ඉක්මවා ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ මීට මාසයකට පෙර රු. 1100කට පැවති කේක් කිලෝවක මිල, මේ වන විට රු. 1,500 දක්වා ඉහළ ගොස් බවත්, උත්සව සමයේ කේක් සඳහා ඇති ඉල්ලුම 25%කින් ඉහළ ගොස් ඇති බවත්ය.

මීට ආශ්‍රිත පිරිවැය හේතුවෙන් කුඩා පරිමාණ බේකරි හිමියන් කේක් පිළිස්සීම නොකිරීමට පෙළඹී ඇති බවද ඔහු සඳහන් කළේය.

ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ උත්සව සමයේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවට බිත්තර නිෂ්පාදකයින් අනතුරු අඟවා තිබුණද, මේ සමයේ බිත්තර ඉල්ලුම සපුරාලීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි.

Trending

Exit mobile version