කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (07) දෛනික ගනුදෙනු අවසානයේදී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් සිදුව තිබිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) ඒකක 712.90 කින් පහළ ගියේය.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.64 කි.
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (07) දිනයේදී මිනිත්තු 30 ක කාලයක් අත්හිටුවීමට ද කටයුතු කෙරිණි. ඊට හේතුව ඊයේ පෙරවරුවේදී S&P SL 20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට 5 ක ප්‍රමාණයක් පහළ ගොස් තිබීම නිසාවෙනි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහළ තීරු බදු පැනවීම හේතුවෙන් ලෝකයේ රටවල් රැසක කොටස් වෙළෙඳපොළ තෙවැනි දිනටත් ඊයේ (07ඤ) කඩා වැටීමකට ලක්ව තිබිණි.
ජපානයේ ටෝකියෝ හි නිකේයි කොටස් වෙළෙඳපොළේ දර්ශකය සියයට 1.8 කින්ද, දකුණු කොරියාවේ සෝල් හි කොස්පි කොටස් වෙළෙඳපොළ දර්ශකය සියයට 4 කින්ද පහත වැටී ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ තීරු බදු ප්‍රතිපත්තිය ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයන් සහ බැංකු සඳහා දැඩි බලපෑම් එල්ලවී ඇතැයි ද අනාවරණය වේ.
ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය හෙට (09 වැනිදා) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම ඉහළ දැමූ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50 ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයට එකඟතාවය පළකර තිබේ.
මූලාශ්‍රය – අරුණ