ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමටයි එම සංගමය තීරණය කර ඇත.
සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කර සිටියේ, අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙන බවයි.
ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් තීරණය කලහ.
කිලෝ ග්‍රෑම් 12. 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කෙරුණු අතර කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරුණේ රුපියල් 160 කිනි.