පුවත්

ගෑස් මිල වැඩි කරන්නැතැයි ලාෆ්ස් සමාගමත් කියයි

Published

on

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද අගෝස්තු මස ලාෆ් ගෑස් මිල ඉහළ නොදමන බවත් පසුගිය ජූලි මස මිලටම ගෑස් අළෙවි කරන බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (04) පැවසීය.  

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඩොලර් 82.50 කින් ඉහළ යෑම සහ ජූනි මාසයට සාපේක්‍ෂව ජූලි මාසයේ රුපියල අවප්‍රමාණය වී යන කරුණු පිළිබඳව සළකා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 460 ක් හෝ 470 ක මිලකින් ඉහළ දැමිය යුතු බවත් ගෑස් මිල ඉහළ යනු ඇතැයි උපකල්පනය කර එම සමාගමේ කළමනාකාරිත්ව ගත් තීන්දුවක් අනුව එහි වාසිය ජනතාවට දීමට තීරණය කළ බවත් ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කට සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,476 කට තව දුරටත් අළෙවි කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version