පුවත්

ජනතාව කුකුළු මස් මුදලාලිලාගේ ගණන් බස්සයි

Published

on

පසුගිය කාලයේ ඉහළ ගොස් තිබූ කුකුළු මස්වල මිල ගණන් මේ වන විට තරමක් අඩුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව, පසුගිය කාලය පුරාවට රු. 1500ක් දක්වා ඉහළගොස් තිබූ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රු. 1080ක් දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ. ලංකාවේ කුකුළු මස් ඒකාධිකාරිය ප්‍රධාන සමාගම් 5ක් වන සීඅයිසී, ප්‍රිමා, නෙල්නා, ක්‍රිස්බ්‍රෝ, බයිරා හා පුස්සැල්ල යන සමාගම් සතුවන අතර ඔවුන් විසින් එහි පාලන මිල තීරණය කිරීම පසුගිය කාලය පුරාම සිදුකරනු ලැබිණි. මේවන විට ලෝකයෝ කිසිදු රටක නොවන ආකාරයට කුකුළුමස් ආශ්‍රිත නිෂ්පාදන මිලද මොවුන් විසින් ඉහල දමා තිබේ. අදාළ ව්‍යාපාරිකයන් මෙරට දේශපාලන කේෂත්‍රයේ ප්‍රධානීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන බව මේවන විට ප්‍රසිද්ධ රහසක් බව එම ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය. එම තත්ත්වය හේතුවෙන් ඔවුන් සිය නිෂ්පාදන හිතුමතේ වැඩි කිරීමට ඔවුන්ගේ සහය ද ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version