ට්විටර් සමාජ ජාලය තුල නිල් පැහැති හරි ලකුණ සහිත ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට තීරණය කළ බව එහි නව හිමිකරු ඊලොන් මස්ක් පවසයි.
ඒ වෙනුවෙන් මසකට ඩොලර් 8ක් අයකරන බව ඔහු පවසා ඇත.
ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වටිනා ගණුදෙනුවකින් ට්විටර් සමාජජාලය මිලදී ගත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මස්ක් මහතා, මේ වන විට එම සමාගම තුළ වෙනස්කම් රාශියක් සිදුකරමින් සිටියි.