පුවත්

ටෙලිකොම් සභාපති ධූරයේ වෙනසක්!

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයේ වෙනසක් සිදු කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ යහ පාලන සමයේ ශ්‍රී ලංකා වරායාධිකාරියේ හා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයකුව සිටි අයකු බවද පැවසේ.

මේ අතර, පසුගියදා ටෙලිකොම් ආයතනයේ පැවැති සේවක රැස්වීමකදී වත්මන් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා “රත්නායක” කෙනෙකු සභාපති පුටුවට ගෙනඒමට පිරිසක් උත්සාහ කරන බව පවසා තිබිණි.

එසේම තමා ටෙලිකොම් එකට පැමිණියේ ඉස්සරහා දොරෙන් බවත්, තමා යන්නේද ඉස්සරහා දොරෙන් බවට ද ඔහු පවසා තිබිණි.

Trending

Exit mobile version