Connect with us

පුවත්

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සඳහා අවබෝධතා ගිවිසුමක්

Published

on

මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඊයේ (27) විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මේ යටතේ අදාළ සමාගම විසින් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂ වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ.

මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා රු.මිලියන 185 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සිදු වූ අතර South Asia Gateway Terminals Pvt Ltd. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න යන මහත්වරුන් මේ සඳහා අත්සන් තබනු ලැබීය.

දරුවන්ගේ බර කිරමින් අඩු බරැති දරුවන් සඳහා එවෙලෙහිම ප්‍රතිකර්මයක් ලෙස ත්‍රිපෝෂ ලබාදෙන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව වන අතර, ගර්භණී හා කිරි දෙන මව්වරුන්ට මෙන්ම අඩු බරැති දරුවන් සඳහා මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.‍

(අද)

පුවත්

RMVයේ අංක තහඩු 15,000 ක් ගොඩගැහිලා

Published

on

By

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක පමණ කාල සීමාවක් අඩාළ වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහළොස් දහසක පමණ වාහන ලැයිස්තුවක්, අංක තහඩු මුද්‍රණය සඳහා ගොඩගැසී ඇති බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය.

මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලු මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය එම සමාගම පසුගිය මාර්තු මාසයේදී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත.

එබැවින් අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට සමාගම් පහළොවක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති බව හෙතෙම පැවසීය.

තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් අදාළ සමාගම්වලින් සාම්පල් ගෙන්වා එහි යෝග්‍යතාව පරීක්ෂා කිරීම මේ වන විට සිදුවන බව ඒ මහතා පවසා සිටියේය.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ දී අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරාගෙන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කළ හැකි බවද හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අංක තහඩු මුද්‍රණය සඳහා දුන් පසු ඇතැම් වාහන හිමියන් එම අංක තහඩු රැගෙන නොයෑම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ගබඩා තුළ මුද්‍රණය කළ අංක තහඩු ගොඩගැසී ඇති බවයි.

(අරුණ)

Continue Reading

පුවත්

පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට

Published

on

By

පොලිසියේ ඉහළ තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් මත ඒ අය සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් එක් තැනැත්තෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකක් බවද පැවසේ.

අනිත් තැනැත්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් බව වාර්තා වේ.

පොලිස් වත්කම් විමර්ශන කාර්යාංශය විසින් මේ පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය සිදු කරන බවද පැවසේ.

පසුගිය කාලයේ මේ අය විශාල වශයෙන් වත්කම් රැස්කර ඇතැයි ද ඊට අදාළ විස්තර ද සහිතව ලැබුණු පැමිණිල්ලක සටහන්ව ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හෝටල් ලිෆ්ට් අනතුරෙන් යාපනයේ තරුණයෙකු මරුට

Published

on

By

යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී ඊයේ (21) රාත්‍රියේදී තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති මරණකරු, භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබෙන බව පොලීසිය පවසයි.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මීට දින කිහිපයකට පෙර මොරටුව ප්‍රදේශයේ හෝටලයකදී ද මෙවැනි සිදුවීමක් වාර්තා විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved