පුවත්

ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව ට්විටර් නඩු මගට

Published

on

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලු‍තින් දියත් කළ, ට්විටර් යෙදවුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසයි.

මෙම යෙදවුමේ තමන්ට අයත් ට්විටර් යෙදවුමේ ඇති විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවට ඔහු චෝදනා කර ඇත.

කෙසේවෙතත්, මෙම යෙදවුම සකස් කිරීමට ට්විටර් සමාගමෙන් ඉවත්වූ සේවකයින් දායක වී ඇතැයි මස්ක් විසින් නගන චෝදනාව මෙටා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ දිනයේදී එළිදැක්වුණු ත්‍රෙඩ්ස් යෙදවුමට මේ වන විට පරිශීලකයන් මිලියන 30කට වැඩි පිරිසක් එක් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version