Connect with us

පුවත්

තායිලන්තය හා ලංකාව අතරත් සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

Published

on

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එය ඒ- 320 එයාර්බස් වර්ගයේ ගුවන් යානයකි.

එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් ගමන සඳහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර, මෙම ගුවන් සේවයෙන් පැමිණීමට සහ පිටත්වයාමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර දෙකම සඳහා අය කරනු ලබන්නේ රුපියල් 50,000ක මුදලක් පමණි.

පුවත්

හමුදාවෙන් ගිය අය පොලිසියට

Published

on

By

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (09) දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍යය භාවිතයට නැඹුරුවීමේ අවධානම් කලාපයේ සිටින ළමුන් 7,880ක් පමණ දැනට හඳුනාගෙන ඇති බවය.

Continue Reading

පුවත්

පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන ඔබට සියලු තොරතුරු ඇතුළත් APP එකක්

Published

on

By

පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද මෙම ජංගම දුරකථන යෙදවුමට පිවිසීම සඳහා ඔබ කළ යුත්තේ  පහත යොමුව (LINK) ක්ලික් කිරීම පමණි.

අදාළ යොමුව (link),  – https://posonvandana.lk/ 

මෙම යෙදවුම ඔස්සේ රථගාල් ඇති ස්ථාන හා එහි ඇති නැවතුම් සංඛ්‍යාව , දන්සල් , ප්‍රථමාධාර , වැසිකිලි ඇති ස්ථාන මෙන්ම ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථාන ගැනද අවශ්‍ය තොරතුරු ද ලබාගැනීමට හැකියාව පවතී. 

මේ අතර පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ ඊයේ (08) දින සිට මෙම විශේෂ රථවාහන සැලස්ම ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

අදාළ සිතියම පහතින් දැක්වේ,

Continue Reading

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳහන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved