ඡායාරූප සටහන තුර්කි ගුවන්සේවය කොළඹට ඍජු ගුවන්ගමන් අරඹයි (ඡායා) Published 2 years ago on October 30, 2023 By editor ලොව ප්‍රමුඛතම ගුවන්සේවයක් ලෙස හැඳින්වෙන තුර්කි ගුවන්සේවය (Turkish Airlines) කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමට (AASL) අනුව, කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ඇරඹෙන්නේ දස වසරකට පසුවයි. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ඍජු ගුවන් ගමන් 4ක් ක්‍රියාත්මක වේ. මේ අනුව පැමිණි තුර්කි ගුවන්සේවයේ පළමු ගුවන් යානය (TK 730) මගීන් 261 දෙනෙකු සමඟ අද (30) පෙ.ව. 5.41 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ගොඩබස්වා ඇති අතර, උත්සවාකාර ජල ආචාරයක් ලබාදෙමින් යානය පිළිගෙන තිබුණි. ඉන්පසුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ලංකා තේ තෑගි ඇසුරුම් එහි මගීන් වෙත පිළිගන්වනු ලැබීය. (ඡායා : BIA ෆේස්බුක් පිටුවෙන්) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි