මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ.
ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි.
මීට පෙර සියඹලා කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටය.
කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.
මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.