ව්‍යාපාර

දඹුල්ලේ එළවලු හිඟයක්

Published

on

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසයි.

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.

වැසි තත්වය හේතුවෙන් ගුණාත්මක භාවයෙන් යුතු එළවළු වෙළඳ මධ්‍යස්ථානයට නොලැබීම මත ඒවා අලෙවි නොවන නිසාවෙන් මේ තත්ත්වය උදාවී තිබේ.

ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි ,ජි .විජේනන්ද  මහතා පවසයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පිට පළාත්වලින් ලැබෙන එළවළු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බවත් පෙන්වාදුන් ලේකම්වරයා කියා සිටියේ, එලවලු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථාද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවය.

එමෙන්ම මධ්‍යස්ථානය තුළ  කැරට්  ලිස් කිලෝ එකක තොග මිල රු 100 ත් 140 ත් මිලකට අලවි වන අතර පහතරට එළවලු බොහොමයක් වෙළදපලේ දක්නට නොමැති තරම් බවත්  එළවළු  සිල්ලර මිල ඉහල යා හැකි බවත් අයි ,ජි .විජේනන්ද  මහතා පවසයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400ත් 420ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට් සහ ලීස් කිලෝවක් රුපියල් 130 ත් 140  අතර මිලකටත් වට්ටක්කා කිලෝවක් රුපියල් සියයකටත් අමු මිරිස් කිලෝ එකක් රුපියල් 250ක  මිලකට අලෙවිවීම සිදුවන බවයි.

එම යම් මට්ටමකින් මිල ඉහළ ගියද ඒවා අලෙවි කර ගැනීමට වෙළෙන්දන් නොමැති බව ඔහු  වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version