පුවත්

දෛනිකව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් ලක්ෂයක්

Published

on

දෛනිකව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් නිකුත් කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් සහිත නෞකාවක් ඊයේ (30) මෙරටට සේන්දූ වූ බවත් උත්සව සමයේ ගෑස් ඉල්ලුම ඉහළ යන බැවින් අවශ්‍යතාව පරිදි මේ වනවිට ගෑස් ඇණවුම් කර ඇති බවත් ලිට්‍රෝ සමාගම පැවසීය.

“අපි අද උදෑසන 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් මේ වගේම වෙළෙඳපොළ අද නිකුත් කරනවා. මේ වනවිට ආපු නෞකාවේ ගොඩබෑම් කටයුතු සිදුවෙමින් පවතිනවා. 117,000ක පමණ සිලින්ඩර ප්‍රමාණයක් අද දිනයේ නිකුත් වෙනවා. ඉදිරියටත් එහෙම සිදුකෙරනවා,” යැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා ඇත.

Trending

Exit mobile version