පුවත්

නවලෝක අනතුරේ; හැරී, ඉෂාර, ධම්මික හා අශෝක ගන්න පෙරහැරේ

Published

on

මෙරට දේශීය බැංකු පහකින් රුපියල් බිලියන 2.3කට ආසන්න ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන් නවලෝක රෝහල කඩා වැටීමේ අවදානමක පසුවන බව වාර්තා වේ.

එම ණය අනුව නවලෝක රෝහල සිය ණය වාරිකය ලෙස රුපියල් මිලියන 335ක් මාසිකව ගෙවිය යුතු බව ද පැවසේ.

නවලෝක ‌රෝහල හැටන් නැෂනල් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, DFCC බැංකුව හා කොමර්ෂල් බැංකුවට මෙසේ ණය වී ඇත.

මේ ණය ගෙවා ගැනීමට නොහැකිව යම් අයුරකින් මෙය බිඳ වැටුණොහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද දැඩි කඩා වැටීමක් සිදු කරනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති.

ඒ නවලෝක රෝහල සතුව ඇඳන් 800ක පමණ විශාල ප්‍රතිකාර කිරීමේ ශක්තියක් ඇති බැවින් එවැනි විශාල ශක්තියක් සහිත වෙනත් පෞද්ගලික රෝහලක් නොමැති නිසාය.

ආසිරි රෝහල් සමූහයටම ඇත්තේ ද ඇඳන් 650කට ආසන්න ප්‍රමාණයක් බව සෞඛ්‍ය ක්ෂ‌ේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද පසුගිය කාලයේදී හැටන් නැෂනල් බැංකුව විසින් කොළඹ ‌02 නව ලෝක රෝහල පිහිටි ඉඩම වෙන්දේසි කිරීම සඳහා ද නිවේදන නිකුත් කර තිබිණි.

නවලෝක රෝහලේ වැඩි කොටස් අයිතිය ජයන්ත ධර්මදාස මහතා ප්‍රමුඛ පවුල සතු වේ.

එහි කොටස් හිමිකරුවන් හා අධ්‍යක්ෂවරුන්ගේ ලයිස්තුව පහත දැක්වේ.

වත්මන් ණය තත්ත්වයෙන් ගැලවීමට නම් එම රෝහලේ වැඩි කොටස් ප්‍රමාණයක් විකුණා දැමීම හැර වෙත් විකල්පයක් නොවන බව ව්‍යාපාරික ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, මෙම රෝහලේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ප්‍රකට ව්‍යාපාරිකයන් වන හැරී ජයවර්ධන, ඉෂාර නානයක්කාර, ධම්මික පෙරේරා හා අශෝක පතිරගේ වැඩි උනන්දුවක් දක්වමින් සිටින බවද වාර්තා වේ.

නවලෝක රෝහල ණය ලබාගෙන ඇති බැංකු කිහිපයකම විශාල කොටස් ප්‍රමාණයක් මේ ව්‍යාපාරිකයන් සතුවීම ද නව ලෝක රෝහලට ඉදිරියේදී විශාල අවදානමක් ඇතිවීමට හේතුවනු ඇතැයි ව්‍යාපාරික ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version