Connect with us

පුවත්

නේවි රථයට ලංකාවේදී අයිඩියල් බොඩිය ගහල මිලියන 12ක ඉතිරියක්

Published

on

එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම මගින් ලබාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අයිඩියල් මෝටර්ස් බාරදී තිබේ.

දේශීය තාක්‍ෂණයෙන් මෙම රථ නිෂ්පාදනය කර ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක් වන අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම කියා සිටී.

මෙම රථවලට රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත බවත්, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි බවත් සඳහන් කරන එම සමාගම ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ අවශ්‍යතාව සඳහා මෙයින් රථ තුනක් නිෂ්පාදනය කර බාරදීම සිදුකළ බවද කියා සිටී.

අදාළ සමාගම මෙම ATV රථ දේශීයව නිෂ්පාදනයෙදී ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ (Mahindra and Mahindra – India) තාක්‍ෂණික දායකත්වයද ලබාගත් බව කියා සිටී.

අනිකුත් සියලුම යෙදවුම් සහ වාහන නිර්මාණය දේශීය ඉංජිනේරුවන් අතින් නිමවා සකස් කර ඇති මෙම රථය ඕනෑම රළු මාර්ගයක ගමන් කළ හැකි බව පරීක්‍ෂණ ධාවනවලින් තහවුරු වී ඇතැයි අයිඩියල් මෝටර්ස් සඳහන් කරයි.

මෙම එක් වාහනයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ නම් රුපියල් මිලියන 20ක පමණ මුදලක් වැය වන අතර දේශීයව නිෂ්පාදනය කළ මෙම වාහනය රුපියල් මිලියන 8කට ආසන්න මුදලකට ලබාදිය හැකි බව අයිඩියල් මෝටර්ස් සමාගම සඳහන් කරයි.

මෙම වාහන සඳහා වසර තුනක වගකීමක් අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබාදෙන අතර ධාවනයේදී ඇතිවන කිසියම් ගැටලුකාරී තත්ත්වයන්ට පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සේවයක් අයිඩියල් මෝටර්ස් මගින් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම රථ විශේෂයෙන් වෙරළ ආශ්‍රිත අවේක්‍ෂණ කටයුතු සහ ගොඩබිම ආශ්‍රිත වනාන්තර යාබද අවේක්‍ෂණ කටයුතු සඳහා නාවික හමුදාව භාවිත කිරීමට නියමිතය.

ඉදිරියේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයන් වෙත අවශ්‍ය මෙවැනි විශේෂිත වාහන නිෂ්පාදනය කිරීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල විශේෂ වූ අවශ්‍යතාවන් පරිදි දේශීයව නිෂ්පාදනය කරන වාහන හඳුන්වාදීමට කටයුතු කරනු ඇත.

එමගින් වර්තමාන අසීරු ආර්ථික අවස්ථාවලදී මෙවැනි වාහන ආනයනය කිරීමට වැයවෙන විදේශ විනිමයන් රට තුළ ආරක්‍ෂා කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, දේශීය කර්මාන්ත නගාසිටුවීමටද ඉමහත් පිටුවහලක් වනු ඇත.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved