Connect with us

පුවත්

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළෙඳපොළේ

Published

on

පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවය.

“පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇත. මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කෙරේ. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදුකර වෙළෙඳපොළට නිකුත් කරයි.”

එවැනි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් විමසීමක් සිදුකළේය.

මේ ඊට පිළිතුරු ලබාදුන් වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

“අපේ රටේ සිදුවන තවත් එක් ජාවාරමක් තමා මේක. අපි පිරිසිදු කරපු ඒවා ගේනවා නොකරපු ඒවා ගේනවා. එහෙම ගෙනල්ලා කරන ජාවාරම් මඟින් අපි හඳුනාගෙන තියෙනවා මාස 11 කම්පැනි තියෙන්නේ. 12 මාසේ ගිණුම් හදන්නේ නැතුව කම්පැනිය වහනවා. ඒ නිසා අපි අපේ පැත්තෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රේගුව හරහා ලංකාව ඇතුළට එන ඒවා මේ වනවිටත් හඳුනාගෙන තියෙනවා.”

පුවත්

විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නො එන බව කියයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණ තිබුණි.

ඒ අනුව අද පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවද ඔවුන් පැවසීය.

Continue Reading

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

O/L විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Published

on

By

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා සඳහන් කළේ අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය.

41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වේ.
40 – සංගීතය (පෙරදිග)
42 – සංගීතය (කර්ණාටක)
45 – නැටුම් (හරත)
51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 – සංගීතය (අපරදිග)
44 – නැටුම් (දේශීය)
50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)

ඉහත සඳහන් විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන බව දැනුම් දී ඇත.

ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදුනොකර බව සඳහන් වේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බව දැනුම් දී තිබේ.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා ඇත.

තවද, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශ පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකිය.

යම්කිසි අවශ්‍යතාවයක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

දුරකථන අංක – 011-2784537, 2786616, 2784208, 011-2786200, 2784201
විද්‍යුත් ලිපිනය – [email protected]
ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved