පුවත්

පාන් මිල ගැන තීරණය හෙට

Published

on

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බවය.

එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වු බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් මිල අඩු කිරීමක් සිදුකරන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව හෙට දිනයේ දී අවසන් තීන්දුවකට පැමිණීමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version