නීතිවිරෝධී අන්දමින් මහා පරිමාණ පිරමීඩ ජාවාරම් සිදුකරමින් ජනතාවගේ රුපියල් කෝටි ගණනක තැන්පතු ලබාගත් ආයතන 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (2 වැනිදා) දැනුම් දුන්නේය.
එලෙස තහනම් කරන ලද ආයතන හරහා පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, කළමනාකරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.
Beecoin App/ Sunbird Foundation, Fast win (Pvt) Ltd, Fruugo online App/ Fruugo online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd යන ආයතන 4 සම්බන්ධයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වල නිරත වූ ආයතන රැසක් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.